Latest articles
කාලයේ වැල්ලට වැසී ගිය සව්කඩි වෙරළ
සමීර කන්නන්ගර සව්කඩි වෙරළට සමාන්තරව පිහිටි වැලිතලාව සව්කඩි ගම්මානය පුරා ද පැතිර තිබේ. මේ වැලිතලාව සුදු පැහැයට වඩා කළු පැහැයට හුරුය. වසරේ වැඩිම කාලයක් නැගෙනහිර පළාතට වැටෙන දැඩි හිරු රශ්මියෙන් සුදෝ සුදු වැලිතලාව දවා කළු පැහැයට හරවා ඇත. හරියටම කිව්වොත් එම වැලි තලාව රටකජු වෙළෙන්දෙකුගේ තාච්චියේ ඇති රටකජු බදින්නට ගන්නා වැලි මෙනි. ඒ තරම්ම මඩකලපුවට වැටෙන අව්ව සැරය. දහවලේ ගත දවන දාහය නිවන්නට වෙනදා හමන වියළි සුළඟවත් මේ දිනවල නැත. සව්කඩි ගම්මානය පුරා තැනින් තැන අහස උසට තල්ගස් ඉහළට නැග ඇත්තේ යෝධයන් මෙනි. ඊට අමතරව අතරින් පතර කජු ගස් දෙක තුනක් ද දක්නට ඇතත් ඒ සියල්ල කේඩෑරි වී ගොසිණි. කොළ...